අගමැති ඇල්බනීස්ගෙන් ඔස්ටේ්‍රලියා ආරක්ෂාවට වැදගත් තීරණයක්

අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ඔස්ටේ්‍රලියානු ආරක්ෂක අංශවල පූර්ණ විමසා බැලීමක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි වසර 10 සහ ඉන් ඔබ්බට ඔස්ටේ්‍රලියාවේ ජාතික ආරක්ෂාව වඩාත් තහවුරු කිරිමේ අරමුණ ඇතිව මෙම පියවර ගන්නා බවයි අගමැතිවරයා සඳහන් කලේ.

රට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන හඳුනාගෙන නිසි පිළියම් යෙදීමේ අරමුණ ඇතිවයි අගමැති ඇල්බනිස් විසින් මෙම ආරක්‭ෂක විමසුම සිදුකිරීමට තීරණය කර ඇත්තේ.

හිටපු ආරක්ෂක ප්‍රධානියෙකු සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයෙකු විසින් මෙහි මූලිකත්වය දරනු ලබනවා.

එහි පළමු වාර්තාව ලබන වසරේ මැද භාගයේදී ලැබීමට නියමිතව තිබෙනවා.

චීනයෙන් කලාපීය ආරක්සාවට එල්ලවිය හැකි තර්ජන වළක්වාගැනීමද මෙහි ප්‍රධාන අරමුණක් වනු ඇති.

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »