ඔස්ටේ්‍රලියාවේ රැකියා ලක්ෂයක් අහිමිවීමේ අවධානමක්

පොළී අනුපාත ඉහළ දැමීම හරහා ඔස්ටේ්‍රලියාවේ 100,000 කට පමණ රැකියා අහිමිවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ඔස්ටේ්‍රලියානු සමාජ සේවා කවුන්සිලය පවසන්නේ ඉදිරි වසර හෝ වසර 02 තුළදී මෙම තත්වය දැක ගත හැකි වනු ඇති බවයි.

විශේෂයෙන් නිවාස කුළී – උකස් – ණය වැනි ගෙවීම් ඉහළයාම දැඩි ගැටලුවක් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

අඩු ආදායම් ලබන ජනතාව මෙහි වැඩිම බලපෑමක ලක්වනු ඇති බවද ඔස්ටේ්‍රලියානු සමාජ සේවා කවුන්සිලය අවධාරණය කරනවා.

අඛණ්ඩව 04 වන මාසයටත් ඔස්ටේ්‍රලියාවේ පොළී අනුපාත ඊයේ දිනයේදී ඉහළ දැමුණු අතර මේ වනවිට cash rate අගය පවතින්නේ සියයට 1.85 ක් ලෙසයි.

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »