CCD ආ රැට්ටා පොලිසියෙන් අරගෙන යයි

යූ ටියුබ් ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පසුගිය මැයි 21 වනදා කොළඹ කොටුවේ පැවැති විරෝධතාවකදී අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනා යටතේයි.

පැතුම් කර්නර් යන අය අත්අඩංගුවට ගැනීමට මුල්වූ සිද්ධියට අදාළව ස්වේච්ඡාවෙන් කටඋත්තරයක් ලබාදීමට රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබුණා.

එම අවස්ථාවේ එහි පැමිණි කොම්පඤ්ඤවීදිය පොලිසියේ පිහිටි විශේෂ ඒකකයක නිලධාරියෙකු පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බව සඳහන්.

මේ අතර රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා සහ තවත් අයෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වාරණ නියෝගයක් ද නිකුත් කළා.

කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ අයුතු ජනරාශියක සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා මත කොටුව පොලිසිය විසින් ගොනු කර ඇති පැමිණිල්ලක සැකකරුවන් ලෙස නම් කර ඇති ඔවුන් දෙදෙනා විදේශගත වීමේ අවදානමක් ඇති බවට පොලිසිය අධිකරණයට කළ දැනුම්දීම සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කලේ.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »