ලංකාවෙන් ආ බෝට්ටු 04 ක් ඔස්ටේ්‍රලියා භාරයට

පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු 04 ක් ඔස්ටේ්‍රලියා මුහුදු තීරයේදී වැටලූ බව ඔස්ටේ්‍රලියා වෙරළාරක්ෂක බලකාය පවසනවා.

පුද්ගලයන් 125 දෙනෙකු මෙහිදී සිය භාරයට ගෙන හරවා යැවුණු බවයි ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

2015 වසරෙන් පසු එක් මාසයකදී වැඩිම අනවසර සංක්‍රමණිකයන් පිරිසක් එකවර හඳුනාගත් පළමු අවස්ථාවද මෙයයි.

ලේබර් පක්ෂ රජය යටතේ කිසිදු දේශ සීමා නීති ලිහිල් කිරීමක් සිදුකර නොමැති බව ෆෙඩරල් රජය අවධාරණය කරනවා.

අනවසර සංක්‍රමණිකයන් සියලු දෙනා එම අවස්ථාවේදීම හරවා යැවෙන බවයි ස්වදේශ දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »