ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 60.8 ක්

ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 60.8 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඉකුත් ජූනි මාසයේ උද්ධමනය පැවතුනේ සියයට 54.6 ක් ලෙසයි.

ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ජූලි මාසයේ ආහාරවල මිල වැඩිවීම සියයට 90.9 ක්.

ඉකුත් ජුනි මාසයේ ආහාරවල මිල වැඩිවීම සටහන් වූයේ සියයට 80.1 ක් ලෙසයි.

ජූලි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ මිල වැඩිවීම සියයට 46.5 ක් වන අතර එය ඉකුත් ජුනි මාසයේ පැවතුනේ සියයට 42.4 ක් ලෙසයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »