අගෝස්තු 01 සිට Bridging visa අයදුම්පත් ගොණු කිරීමේ ක්‍රමයට සංශෝධන

අගෝස්තු පළමුවනදා සිට Bridging visa අයදුම්පත් ගොණු කිරීමේ ක්‍රමයට සංශෝධන කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ImmiAccount හරහා අයදුම්පත් ගොණුකල නොහැකි අයදුම්කරුවන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එහි ඇති Submit your Bridging visa application online හරහා තම වීසා අයදුම්පත්‍රය ගොණු කල හැකියි.

කෙසේවෙතත් මේ අන්දමින් ගොණු කල හැකි වනුයේ Bridging visa A, B or C අයදුම්පත් පමණයි.

අගෝස්තු පළමුවනදා සිට සාමාන්‍ය කඩදාසි අයදුම්පත් භාර නොගැනෙන අතර ඔන්ලයින් ක්‍රමයට පමණක් Bridging visa අයදුම්පත් යොමුකල යුතුයි.

අදාළ Link එක පහතින්

https://immi.homeaffairs.gov.au/help-support/departmental-forms/online-forms

වැඩි විස්තර

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »