Melbourne Royal Show යළිත් / පිරිසකට නොමිළයේ බලන්නත් අවස්ථාව

වික්ටෝරියා සෞඛ්‍ය සේවාව සඳහා වෛද්‍ය තවත් සහයකයන් 300 ක් මෙම වසර තුළදී බඳවා ගන්නා බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

404 දෙනෙකු දැනටමත් බඳවාගෙන අවසන් බවයි ඔහු සඳහන් කලේ.

ඉන් 157 දෙනෙකු ප්‍රාදේශීය කලාප සඳහා අනුයුක්ත කර තිබෙනවා.

මේ අතර Melbourne Royal Show මෙම වසරේදී යළිත් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

සැප්තැම්බර් 22 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා එය පැවැත්වෙනු ඇති.

වයස අවුරුදු 14 හෝ ඊට අඩු ළමුන්ට මෙවර Melbourne Royal Show නොමිළයේ නැරඹීමට අවස්ථාව හිමිවන බවයි ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »