ඡන්දෙන් පසු පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

පසුගිය මැයි මාසයේ පැවති ෆෙඩරල් මැතිවරණයෙන් පසු පළමු වරට ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව අද රැස්වනවා.

මෙලෙස අද සිට බලාත්මක වන්නේ ඉතිහාසයේ 47 වන පාර්ලිමේන්තුවයි.

ඉතිහාසයේ වැඩිම විවිධත්වයක් සහිත පාර්ලිමේන්තුව මෙවර පත්වූ අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධියේ දේශපාලනඥයින් 10 දෙනෙකු මෙවර නියෝජනය කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ද මෙල්බන් හි හෝල්ට් ආසනය නියෝජනය කරමින් පසුගියදා පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

හිටපු අගමැති ස්කොට් මොරිසන් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී නොවන්නේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන සමුලුවකට සහභාගී වීම හේතුවෙනුයි.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »