Aged Care සහය වෙනුවෙන් තවත් ආරක්ෂක සාමාජිකයන් 200 ක්

කොවිඩ් වසංගතය හමුවේ දැඩි බලපෑම් එල්ල වී ඇති ඔස්ටේ්‍රලියාවේ Aged Care ක්ෂේත්‍රයේ සහය වෙනුවෙන් තවත් අමතර ආරක්ෂක අංශ සාමාජිකයන් යෙදවීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ආරක්ෂක ඇමති රිචර්ඩ් මාල්ස් පැවසුවේ වෛද්‍ය බලකා සාමාජිකයන් 200 ක් මේ අනුව ඉදිරි සති කිහිපයේදී Aged Care මධ්‍යස්ථාන වෙත අනුයුක්ත කරන බවයි.

දැනට Aged Care මධ්‍යස්ථානවල රාජකාරි සඳහා යොදවා ඇත්තේ ආරක්ෂක අංශ සාමාජිකයන් 24 දෙනෙකු පමණයි.

ආරක්ෂක අංශ වෙතින් ලබාදී ඇති සහය අගෝස්තු 12 වනදායින් අවසන්වීමට නියමිත අතර එයින් පසුවද එම සහය දෙන්නැයි Aged Care හිමිකරුවන් සහ වෘත්තිය සමිති ඉල්ලීමක් කර තිබුණා.

ඔස්ටේ්‍රලියාව පුරා Aged Care මධ්‍යස්ථානවල නේවාසිකයන් 6000 ක් සහ කාර්ය මණ්ඩලයේ 3500 ක් පමණ ගතවූ කාලය තුළදී කොවිඩ් ආසාධිතයන් බවට පත්වී තිබෙනවා.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »