අරගලකරුවන් අත්පත් කරගෙන තිබූ මන්දිරවල පෞරාණික භාණ්ඩ 1000 ක් අතුරුදන්

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබූ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන වල තිබූ පෞරාණික භාණ්ඩ ඇතුළු විශේෂ භාණ්ඩ දහසකට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන්ව තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ ඒ භාණ්ඩ සොයාගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

ඇතැම් පුද්ගලයන් මෙම ස්ථාන වල පෞරාණික භාණ්ඩ සහ යම් යම් කොටස් සඟවාගෙන රැගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිවී තිබෙන බවද පොලිසිය කියයි.

ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවලට අරගල කරුවන්ගේ මුවාවෙන් විවිධ සංවිධානාත්මක පිරිස් රිංගා ඒවායේ තිබූ බඩු භාණ්ඩ සොරකම් කරගෙන ඇති බවද පොලිසිය කියා සිටී.

අරගලයට මුවාවී රජයේ ස්ථාන අත්පත් කර ගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද රජය දැනටමත් තීරණය කර ඇත.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »