මෙල්බන් අභිබවා සිඩ්නි ගුවන් තොටුපළෙන් වාර්තාවක්

ලොව වැඩිම ගුවන් ප්‍රමාදයන් සහිත ගුවන් තොටුපළ 10 අතරට සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළද නම් කර තිබෙනවා.

CNN ප්‍රවෘත්ති සේවය විසින් පසුගිය මැයි 26 සහ ජූලි 19 අතරදී ලබාගත් දත්ත ඇසුරෙනුයි මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ.

ඊට අනුව අදාළ කාලසීමාවේදී සිඩ්නි ගුවන් තොටුපළේ කාලසටහන්ගත ගුවන් ගමන් අතුරින් සියයට 34.2 ක් ප්‍රමාදවිම් හෝ අවලංගු කිරීම් සිදුකර තිබෙනවා.

එය සමස්ත ගුවන් ගමන් සංඛ්‍යාවෙන් 1/3 ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම ලේඛනයේ 09 වන ස්ථානයට සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ පත්වී තිබෙනවා.

සමස්ත ලැයිස්තුව :

1. Toronto Pearson International Airport (Canada)

2. Frankfurt Airport (Germany)

3. Paris Charles de Gaulle Airport (France)

4. Amsterdam Airport Schiphol (Netherlands)

5. London Gatwick Airport (United Kingdom)

6. Heathrow Airport (United Kingdom)

7. Munich Airport (Germany)

8. Athens International Airport (Greece)

9. Sydney Kingsford Smith Airport (Australia)

10. Orlando International Airport (United States)

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »