අමෙරිකානු තානාපතිනීගෙන් රනිල්ට රතු එළියක්

පුරවැසියන් මර්දනයට වෙනුවට ජනතාවගේ විශ්වාසය යළි ඇති කරගැනීමටත්, රට තුළ ස්ථාවරත්වය ඇති කිරීමටත් පියවර ගන්නැයි කොළඹ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට දැනුම්දී තිබෙනවා.

ආර්ථිකය යළි ගොඩනැගීමට රජයට ගත හැකි ක්ෂණික පියවර වෙත අවධානය යොමුකිරීමේ වැදගත්කමද ඇය අවධාරණය කරනවා.

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එල්ලවූ ප්‍රහාරය පදනම් කරගනිමින් තානාපතිනිය මෙම අදහස් පළකර ඇත්තේ ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.

විරෝධතාකරුවන්ට එරෙහිව උත්සන්න වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව තමා දැඩි කණස්සල්ල ප්‍රකාශ කළ බවයි අමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කලේ.

යහපත් අනාගතයක් සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් සහ වගකීමක් ඇති බවද ඇය සිය සටහනින් පෙන්වා දී තිබුණා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »