ලංකාවේ උද්ධමනය සියයට 58.9 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ උද්ධමනය, පසුගිය මැයි මාසයේ පැවති සියයට 45.3 හි සිට ජුනි මාසයේ දී සියයට 58.9 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ පැවති සියයට 58.0 හි සිට ජුනි මාසයේ දී සියයට 75.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ පැවති සියයට 34.2 හි සිට ජුනි මාසයේ දී සියයට 43.6 දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව නිවේදනය කලා.

වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, පසුගිය මැයි මාසයේ පැවති සියයට 16.3 හි සිට ජුනි මාසයේ දී සියයට 20.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »