ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත්හැරීමට සූදානම්

DHAMMIKA PERERA

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමාට මෙම අවස්ථාව ලබාදුන් බව ඔහු කියා සිටියා.

ඔහු මේ වන විට ජනාධිපති ධූරයේ කටයුතු නොකරන බැවින් තමන් තවදුරටත් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සදාචාර සම්පන්න නොවන බව ධම්මික පෙරේරා කියා සිටියා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එහි ඇතිවූ පුරප්පාඩුව සඳහා

ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කෙරුණා.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »