ඇතැම් ඔස්ටේ්‍රලියා Student වීසා අයදුම්පත් වසර 1 1/2 ක් පැරණි බව හෙළිවෙයි

ඔස්ටේ‍රිලියානු ශිෂ්‍ය වීසා අපේක්ෂාවෙන් අයදුම්කල ඇතැමුන්ට වසර එකහාමාරක් ගොස් ඇතත් තවමත් අවසන් ප්‍රථිඵළයක් ලැබී නොමැති බව වාර්තා වනවා.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වාර්තා අනුව පසුගිය ජූනි 30 වනදා වනවිට සළකා බලමින් තිබූ ශිෂ්‍ය වීසා අයදුම්පත් ගණන 145,000 කට ආසන්නයි.

ඉන් 74,700 ක් විදේශයන් හි සිට ගොණු කල ඒවා වන අතර 69,700 ක් පමණ ඔස්ටේ්‍රලියාව තුළදී ගොණු කල අයදුම්පත් වනවා.

විදේශයන් හි සිට ගොණු කල අයදුම්පත් අතුරින් 650 ක් මාස 18 කට පෙර ඉදිරිපත් කල ඒවායි.

ස්වදේශ දෙපාර්තමේන්තුවට අනුව සෑම අයදුම්පතක්ම නිසි අයුරින් විමසා බැලීමට සිදුවීම මෙම ප්‍රමාදයට හේතුවයි.

මෙම ප්‍රමාදන් වැළැක්වීම සඳහා ස්වදේශ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අලුතින් වීසා නිලධාරීන් පිරිසක් පවා බඳවාගෙන තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »