ගෝඨාභය එළැඹෙන මාසයේ නැවතත් ශ්‍රී ලංකාවට ?

ගෝඨාභය රාජපක්ෂ, එළැඹෙන මාසයේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබීමට නියමිතව තිබේ.

ඒ අනුව ඒ මහතාට හා ඔහුගේ බිරිදට කොළඹින් නිල නිවසක්, ආරක්‍ෂක බල ඇණියක්, වාහන ඇතුළු වරප‍්‍රසාද රැසක් හිමි වෙයි.

දැනට විදෙස්ගතව සිටින ගෝටාභය රාජපක්‍ෂ විසින් ඉල්ලා සිටින අවස්ථාවක මෙම පහසුකම් ලබා දීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

-LANKACNEWS

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »