ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය වසර 50 ක ඉතිහාසයේ අඩුම අගය වාර්තා කරයි

ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය වසර 50 ක ඉතිහාසයේ අඩුම අගය වාර්තා කර තිබෙනවා.

1974 වසරෙන් පසු සටහන්වූ අඩුම අගය ලෙස එය දැක්වෙන්නේ සියයට 3.5 ක් ලෙසයි.

පසුගිය ජූනි මාසයේදී විරැකියා අනුපාතය සියයට 0.4 ක් ලෙස සටහන්ව ඇති අතර 54,000 කට ආසන්න නව රැකියා නිර්මාණය වී ඇතැයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලා.

1974 වසරේදී ඔස්ටේ්‍රලියා විරැකියා අනුපාතය සටහන්වී ඇත්තේ සියයට 2.7 ක් ලෙසයි.

කාන්තාවන් සඳහා වන විරැකියා අනුපාතය සියයට 3.4 ක් ලෙසද පුරුෂයන් සඳහා සියයට 3.6 ක් ලෙසද සටහන් වනවා.

එම අගයන් දෙකද 1974 වසරෙන් පසු සටහන් වන අඩුම අගයන් ලෙසයි දැක්වෙන්නේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »