බ්‍රිස්බන් – සිඩ්නි මගී ප්‍රවාහන නෞකාවක 100 කට කොවිඩ්

බ්‍රිස්බන් සිට සිඩ්නි දක්වා ගමන් ගැනීමට නියමිත වූ මගී ප්‍රවාහන නෞකාවක 100 කට වැඩි පිරිසකට කොවිඩ් ආසාධනය වී තිබෙනවා.

කොරල් ප්‍රින්සස් නම් නෞකාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ මගීන් කිහිප දෙනෙකු මෙලෙස කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.

නෞකා සමාගම විසින් මුදල් ආපසු ගෙවා ඇති නමුත් මගීන් සැළකිය යුතු පිරිසක් තවමත් නෞකාව තුළ සිටින බව සඳහන්.

මෙම කොරල් ප්‍රින්සස් නෞකාව අයත් සමාගම විසින් හිමිකාරීත්වය දරන රූබි ප්‍රින්සස් නෞකාවේ 2020 වසරේදී කොවිඩ් රැල්ලක් පැතිරගිය අතර එහිදී මගීන් 28 දෙනෙකු මරණයට පත්වුණා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ප්‍රාන්ත රජය අද නිවේදනය කලා.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »