සිදු වුනේ වැරදීමක් – ජනපති රටේ සිටිනවා : කතානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනේ රැඳී සිටින බවත්, BBC පුවත් සේවය සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින බවට පැවසුවේ වැරදීමකින් බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

කථානායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා තමන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකාවෙ නොමැති බවත් ඔහු බදාදා වන විට නැවත දිවයිනට පැමිනිමට නියමිතව ඇති බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කර තිබුණා.

බී බී සී පුවත් සේවාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කථානායකවරයා පවසා සිටියේ ජනාධිපතිවරයා මේ වන විට ශ්‍රී ලංකාවට ආසන්න ස්ථානයක රැඳී සිටින බවයි.

බී බී සී මාධ්‍යවේදීයා විසින් මෙහිදී කථානායකවරයාගෙන් විමසා අත්තේ ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා පවසා ඇත්තේ ආරක්ෂක හේතුන් මත තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිළි කර සඳහන් කළ නොහැකි බවයි.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »