නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සහ කළ 78 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව කළුවන්කේනි වෙරළ ප්‍රදේශයේ 2022 ජුලි මස 10 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 78 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් පි 491 වේග ප්‍රහාරක යාත්‍රාව 2022 ජුලි මස10 වන දින රාත්‍රී කාලයේ මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි  නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු (06) ඇතුළුව පිරිමි පුද්ගලයන් 43 ක්, කාත්තාවන් 07 ක්, ළමුන් 11 ක් සමඟ පුද්ගලයන් 61 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාව භාරයට ගත් එම පිරිසෙන් 21 දෙනෙකු අද (2022 ජුලි 11) උදෑසන නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ආ අතර, අනෙක් පුද්ගලයින් 40 දෙනා සමග බහුදින ධීවර යාත්‍රාව මේ වන විට ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන එමින් පවතී. තවද, නාවික හමුදා භාරයට ගත් මෙම  පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

මීට අමතරව, ඉහත බහුදින ධීවර යාත්‍රාව මඟින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානමින් මඩකලපුව කළුවන්කේනි වෙරළ ප්‍රදේශයේ රැඳී සිටි බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයන් 16 ක් සහ එක් (01) කාන්තාවක් ඇතුළුව වයස අවුරුදු 22 ත් 50 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් 17 දෙනෙකු  සමඟ වෑන් රථයක් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා කාෂ්‍යප ආයතනය හා මඩකලපුව කලවංචිකුඩි විශේෂ කාර්යය බලකාය එක්ව 2022 ජුලි මස 10 වන දින රාත්‍රී කාලයේ කළුවන්කේනි වෙරළ ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයමුකදී අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව, මඩකලපුව කළුවන්කේනි වෙරළ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් 17 දෙනාගෙන් යුත් පිරිස යාපනය, මඩකලපුව, වව්නියාව, කිලිනොච්චි, මුලතිව් සහ කුරුණෑගල යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස සහ වෑන් රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා එරාවූර් පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදාගනිමින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »