බන්දුල ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ බන්ධුල ගුණවර්ධන එම ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කරනවා.

ඔහු ඒ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියා.

එමෙන් ම ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා කරන්නේ.

ඔහු විසින් නිකුත් කළ ෆේස්බුක් සටහන පහතින් :

සමස්ත ලාංකීය බහුතර ජනතාවගේ සහ ආගමික නායක උතුමන්ලාගේ අපේක්ෂාව බවට පත්ව ඇත්තේ සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වන බැවින් මා මෙතෙක් දැරූ ප්රවාහන,මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ධූර වලින් හා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ද ඉවත් වී ස්වාධීන මන්ත්රීවරයකු වශයෙන් මේ පවත්නා ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට මාගේ ශක්ති ප්රමාණයෙන් දායක වීමට අපේක්ෂා කරමි.
ආචාර්ය බන්දුල ගුණවර්ධන,
පාර්ලිමේන්තු මන්ත්රී.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »