වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසන පැමිණිලි කිරීමට නව කෙටි පණිවුඩ සේවයක්

වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවා තුළදී සිදුවන ලිංගික හිංසන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නව කෙටි පණිවුඩ සේවයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව බස් – දුම්රිය හෝ ට්‍රෑම් රථවලදී කිසියම් අතවර හෝ හිංසන ක්‍රියාවක් නිරීක්ෂණය කලහොත් යනුවෙන් STOPIT යොදා 0499 455 455 අංකයට යොමු කල හැකියි.

සියලු තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා කරන බවත් ඡායාරූප වුවද යොමුකල හැකි බවත් පොලිසිය දන්වා සිටිනවා.

එම තොරතුරු උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනාගැනීමට හා අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙනු ඇති.

2019 වසරේදී සිදුකල සමීක්ෂණයකදී හෙළිවුයේ වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවය තුළ සිදුවන ලිංගික හිංසන වළක්වාලීමට ඇති ප්‍රධානම බාධාව මගීන් විසින් ඒවා පොලිසියට වාර්තා කිරීමට දක්වන පසුගාමීත්වය බවටයි.

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයක් විසින් මෙවැනි වැඩපිළිවෙලක් ආරම්භ කල පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »