ඔස්ටේ‍රලියාව තුළ 04 වන කොවිඩ් එන්නත සඳහා සුදුසුකම් ලබන පිරිස තවත් පුලුල් කරයි

ඔස්ටේ‍රලියාව තුළ 04 වන කොවිඩ් එන්නත සඳහා සුදුසුකම් ලබන පිරිස තවත් පුලුල් කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට තමා කැමති නම් එන්නත ලබා ගත හැකියි.

අවුරුදු 50 ට වැඩි පුද්ගලයන්ට එන්නත ගැනීමට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශයක්ද නිකුත් කර තිබෙනවා.

මේ අනුව ලක්ෂ 74 කට ආසන්න පිරිසක් 04 වන මාත්‍රාව සඳහා සුදුසුකම් ලබනු ඇති.

මේ දක්වා ඔස්ටේ‍රලියාව තුළදී කොවිඩ් 04 වන එන්නත සඳහා සුදුසුකම් ලබා සිටියේ අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් පමණයි.

එහෙත් ඔවුන්ගෙන් සියයට 40 ක් පමණ මෙතෙක් කොවිඩ් 04 වන එන්නත ලබා නැහැ.

මේ දක්වා මාත්‍රා 03 ක් හෝ ඊට වැඩ සංඛ්‍යාවක් ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 14 ක් වනවා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »