පොළී අනුපාතික ඉහළ දැමීම හරහා නිවාස ණය ගෙවන්නන්ට වසර 20 කට පසු ඉහළම බලපෑමක්

MONEY FINANCE CURRENCY

ඔස්ටේ්‍රලියාවේ පොළී අනුපාතික ඉහළ දැමීම හරහා නිවාස ණය ගෙවන්නන්ට වසර 20 කට පමණ පසු ඉහළම බලපෑමක් එල්ල වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

රටේ සමස්ත ජනගහණයෙන් සියයට 45 ක් පමණ මේ වනවිට උකස් ණය ගෙවමින් සිටීම එහි බලපෑම වඩාත් උග්‍ර කරවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පෙට්‍රල්, සිල්ලර බඩු, විදුලිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල කැපී පෙනෙන ලෙස ඉහළගොස් ඇති වාතාවරණයක සැළකිය යුතු මුදලක් නිවාස ණය ගෙවීම වෙනුවෙන් වෙන් කිරීමට මේ අනුව සිදුවන බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් කියාසිටියා.

ඔස්ටේ්‍රලියාවේ පොළී අනුපාතිකය 0.5% කින් ඉහළ දැමීමට මධ්‍යම බැංකුව ඊයේ තීරණය කලා.

ඒ අනුව පෙර පැවති 0.85% පොළී අනුපාතය 1.35% ක් දක්වා ඉහළ යනු ඇති.

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා ඔස්ටේ්‍රලියාවේ මධ්‍යම බැංකුව විසින් පොළී අනුපාතික ඉහළ දැමූ තුන්වන අවස්ථාව මෙයයි.

2022 මැයි මාසයේදී 0.1% ක්ව තිබූ පොළී අනුපාතිකය 0.35% දක්වාත් පසුගිය ජුනි මාසයේ එය 0.85% ක් දක්වාත් ඉහළ දමනු ලැබුවා.

ගෝලීය උද්ධමනය මෙලෙස පොළී අනුපාතිකය ඉහළ දැමීමට ප්‍රධාන හේතුව බවයි ඔස්ටේ්‍රලියාවේ මධ්‍යම බැංකුවේ අධිපතිවරයා සඳහන් කලේ.

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »