අනුර කුමාරට ඉඩදී ඉවත්වීමට සූදානම් – රනිල් පාර්ලිමේන්තුවේදී කියයි

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට මාස 06 කින් රට ගොඩනැගීමට හැකි නම් ඔහුට ඉඩදී තමා ඉවත්වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කියයි.

එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද අද දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග  පැවති සාකච්ජාවන් සම්බන්ධයෙන් මෙන්ම රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් පළකලා.

එම ප්‍රකාශයට බාධා කරමින් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස (ගෝඨා ගෝ හෝම්) කියමින් කෑ ගහනු පෙනෙන්නට තිබුණා.

ප්‍රකාශය අතර වාරයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පාඨ කියමින් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු මිනිත්තු 10කට කල් තබනු ලැබුවා.

පාර්ලිමේන්තුව විනාඩි දහයකට පසු නැවත රැස් වූ අතර ජනාධිපතිවරයා සභා ගර්භයේ සිටියේ නැත.

හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

Read More »

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »