වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව සෞඛ්‍ය සායන 26 ක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව සෞඛ්‍ය සායන 26 ක් ඉදි කිරීම සඳහා ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 54 ක මුදලක් වෙන් කර තිබෙනවා.

විශේෂයෙන් ඇදුම – නියුමෝනියා සහ Flu වැනි රෝගවලින් පෙළෙන රෝගීන් රෝහල් වෙත යොමුවීමෙන් ඇතිවන තදබදය වලක්වාලීමයි මෙහි අරමුණ වන්නේ.

කොවිඩ් සහ වෙනත් වසංගත රෝග තත්වයකදී වෛද්‍යවරුන් – හෙදියන් වැනි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත පැටවෙන අමතර පීඩනය ඉවත් කිරීමද තවත් අරමුණක් වනවා.

මෙම සායන අතුරින් 24 ක් මෙල්බන් නගරයේ ස්ථාපිත කර ඇති අතර අනෙක් 02 ප්‍රාදේශීය කලාපවල පිහිටුවා තිබෙනවා.

මේ අනුව මෑත කාලීනව වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් පිහිටුවන ලද සමස්ත සෞඛ්‍ය සායන සංඛ්‍යාව 53 ක් දක්වා ඉහළ යනු ඇති.

 

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »