ඔස්ටේ්‍රලියා ඉදි කිරීම් කර්මාන්තය මාර්තු කාර්තුවේදී පහළයාමක්

ඔස්ටේ්‍රලියාව තුළ ඉංජිනේරු ඉදි කිරීම් කර්මාන්තය මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේදී පහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.

දෙසැම්බර් කාර්තුව හා සැසඳීමේදී එම පහළයාම සියයට 1.6 ක්.

සේවක හිගයත් සමග ඇතැම් ව්‍යාපෘති අඩාලවීම මීට හේතුවයි.

කෙසේවෙතත් 2021 වසරේ මාර්තු කාර්තුව හා සැසඳීමේදී එය සියයට 3.5 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තාවල දැක්වෙන්නේ.

මෙම වසරේ මුල් මාස 03 තුළදී ඉංජිනේරු ඉදි කිරීම් කර්මාන්තයෙන් ලබා ඇති ආදායම ඩොලර් මිලියන 23,291 ක් වනවා.

ඉන් ඩොලර් මිලියන 13,353 ක්ම උපයා ඇත්තේ පුද්ගලික අංශය විසිනුයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »