වික්ටෝරියා සියලු නිවාස සඳහා විදුලි බිලට $ 250 ක වට්ටම අද සිට

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලු නිවාස සඳහා විදුලි බිලට එක වරක් පමණක් හිමිවන ඩොලර් 250 ක වට්ටම ලබාදීම අද සිට බලාත්මක වනවා.

වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ එමගින් ප්‍රාන්ත රජයට ඩොලර් මිලියන 250 ක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවයි.

කෙසේවෙතත් ඉහළ යන ජීවන බර පිළිබඳ අවධානය යොමුකර මෙම සහනය ලබාදීමට කටයුතු කරන බවද අගමැතිවරයා සඳහන් කලා.

ලබන වසරේ ජූනි 30 වනදා මෙම වැඩසටහඑන ක්‍රියාත්මක වනවා.

සියලු වික්ටෝරියාවාසීන් මීට සුදුසුකම් ලබන නමුත් අදාළ දීමනාව ලබාගැනීම සඳහා ඔවුන් https://compare.energy.vic.gov.au/ වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුයි.

බැංකු ගිණුමටම අදාළ මුදල බැර වනු ඇති.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »