Fair Work වන්දි අද සිට වැඩි කෙරේ

සමාජ, ප්‍රජා, home care සහ ආබාධිත සේවා ක්ෂේත්‍රවල සේවකයෙකුට ගෙවිය යුතු අවම පැය ගණනෙහි වෙනසක් අද සිට සිදුවනවා.

අනියම් home care සේවකයින් සඳහා, ලබා දිය යුතු අවම සේවක පැය ගණන  පැයේ සිට දෙක දක්වා වැඩි වන අතර, ඔවුන් ආබාධිත සේවා කටයුතු කරන විට හැර අර්ධ-කාලීන සේවකයින් සඳහා පැය තුනක් දක්වා වැඩිවනවා.

Fair Work කොමිසමට අනුව අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීම සඳහා වන ඉහළ ආදායම් සීමාව අද සිට ඩොලර් 158,000 සිට ඩොලර් 162,000 දක්වා ඉහළ යනු ඇති.

අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීමේ නඩුවකදී Fair Work කොමිසම විසින් නියෝග කළ හැකි උපරිම වන්දි මුදල ද අද හෝ ඊට පසුව සිදුවන සේවයෙන් පහකිරීම් සඳහා $81,000 දක්වා වැඩිවනවා.

එය පෙර වසරට වඩා $2,000ක වැඩිවීමක්.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »