දකුණු ඕස්ට්‍රේලියාව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් තම ප්‍රාන්තයට පිළිගැනීමට සූදානම්!

දකුණු ඕස්ට්‍රේලියාව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් තම ප්‍රාන්තයට පිළිගැනීමට සූදානම්!
South Australia ready to ‘welcome people from NSW with open arms’

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් සඳහා තම දේශ සීමා විවෘත කිරීම ගැන නිශ්චිත තීරණයකට එළඹෙන්නේ අද දින නිව් සවුත් වේල්ස් හි වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන අනුව බව යි වාර්තා වන්නේ.

ඒ අනුව​, NSW හි අද දින ප්‍රජා සම්ප්‍රේෂණ කොරොන වයිරස් රෝගීන් වාර්තා නොවුවහොත්, මධ්‍යම රාත්‍රියේ සිට NSW වැසියන්ට​ තවදුරටත් නිරෝධායනයකට භාජනය වීමට අවශ්‍ය නොවේ.

“නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අසාමාන්‍ය ලෙස හොඳින් කටයුතු කර ඇති අතර, අද මධ්‍යම රාත්‍රිය වන විට මාස ගණනක් තිස්සේ වසා දමා ඇති NSW දේශ සීමාව නැවත විවෘත වනු ඇති බවට අපට විශ්වාසයි. නිව් සවුත් වේල්ස් හි ජනතාව සාදරයෙන් පිළිගැනීමට​ අපි බලාපොරොත්තුවෙන් සිටිනවා” දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Steven Marshall මහතා අද පැවසීය.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »