පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රි ලංකාව විසින් දිනා ගනු ලැබුවා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට යි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ.

ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර පැට් කමින්ස් ඔස්ටේ්‍රලියා පිලේ නායකයා ලෙස කටයුතු කරනවා.

අද ආරම්භ වන තරගය ඔස්ටේ්‍රලියා හිටපු සුපිරි ක්‍රීඩක ශේන් වෝන් අනුස්මරණය සඳහා වෙන්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම තරගාවලිය වෝන් – මුරලි කුසලානය ලෙස ද නම්කර තිබෙනවා.

දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තුනට දෙකක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »