වික්ටෝරියා ගිලන් රථ සේවය පැය 04 කට Code Red තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සේවක හිගය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ සේවය විසින් අද අලුයම පැය 04 ක කාලයක් සඳහා Code Red තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අලුයම 12.15 සිට එය ක්‍රියාත්මකව පැවති බව සඳහන්.

අදාළ කාලසීමාවේදී ගිලන් රථ සහය ඉල්ලා ඇමතුම් රැසක් ලැබී ඇති අතර ප්‍රතිචාර නොදැක්වූ ඇමතුම් ගණන කොපමණදැයි මෙතෙක් නිල තොරතුරු ලැබී නැහැ.

වික්ටෝරියා ගිලන් රථ සේවකයන් 146 දෙනෙකු ඊයේ දිනයේද සේවයට වාර්තා කර තිබුණේ නැහැ.

මේ අතර ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍යම කරුණකදී හැර 000 ඇමතීමෙන් වළකින ලෙසයි.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »