ජනවාරි – මැයි තුළ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 05 ක අපනයන ආදායමක් උපයයි

මෙම වසරේ ජනවාරි සිට මැයි මස දක්වා මාස 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ක අපනයන අදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඇඟලුම් සහ රෙදිපිළි, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග, ආහාර පාන, මුහුදු ආහාර සහ විසිතුරු මාළු අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.

තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන,කුළුබඩු සහ සාන්ද්‍ර නිෂ්පාදන අපනයනය මෙම වසරේ පළමු මාස 5 තුළ වර්ධනයක් පෙන්නුම් කර නොමැත.

ගිය වසරේ මැයි මාසයේ අපනයන අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 891.7 ක් වූ අතර එය මෙම වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 980.2 ක් දක්වා වර්ධනය වී ඇත.

පසුගිය වසරේ පළමු මාස 5ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ වෙළඳ භාණ්ඩ අපනයනය සියයට 9.7 කින් වැඩි වී ඇත.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »