වික්ටෝරියා අලුත් කැබිනෙට්ටුව පත් කෙරේ

වික්ටෝරියා ප්‍රාන්තයේ නව කැබිනට් මණ්ඩලය පත් කර තිබෙනවා.

ඒ අනුව නියෝජ්‍ය අගමැතිනිය ලෙස ජසින්ටා ඇලන් දිවුරුම් දුන්නේ ජේම්ස් මර්ලීනෝ ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි.

නව ඇමති මන්ඩලය සාමාජිකයන් 22 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 14 දෙනෙකුම කාන්තාවන් වීම විශේෂත්වයක්.

වික්ටෝරියා නව සෞඛ්‍ය ඇමතිනි ලෙස මේරි ඈන් තෝමස් දිවුරුම් දෙනු ලැබුවා.

පුරප්පාඩු සම්පූර්ණ කිරීමත් සමග ප්‍රාන්තයේ පරිපාලන කටයුතු අවහිරයකින් තොරව පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »