පෙට්‍රල් අලෙවියෙන් ලාභ ලබන බව ඇමති පිළිගනී

අද අලුයම 02.00 සිට ඉන්ධන මිල ගණන් වැඩි කිරීමත් සමග එක් එක් ඉන්ධන වර්ග ආනයනය කිරීමේදී, ගොඩබෑම් ගාස්තු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නව මිල ගණන් සංශෝධනයෙන් අනතුරුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 යි සත 57 ක, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 68 යි සත 61 ක සහ ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 20 යි සත 27 ක ලාභයක් ලබමින් සිටින බවයි අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති ලේඛණයේ දැක්වෙන්නේ.

කෙසේවතත් ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 08 යි සත 52 ක සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 334 යි සත 39 ක පාඩුවක් තවමත් සිපෙට්කෝ සමාගම පාඩු ලබමින් සිටින බවද අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

අද (26) අලුයම 2.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජතෙල් නිතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470 ක්.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100කින් ඉහල නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 550 ක් ලෙසින්.

මේ අතර මෙම මිල සංශෝධනයට අනුව ලංකා Auto ඩීසල් පෙට්‍රල් ලීටරයක් රුපියල් 60කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 460 ක් වනවා.

තවද ලංකා සුපිරි ඩිසල් මිලද රුපියල් 75 කින් ඉහල නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 520 ක්.

මේ අතර ලංකා අයි ඕ සී සමාගමද සිපෙට්කෝ මිළ ගණන්වලට සමගාමීව ඉන්ධන මිළ ගණන් ඉහළ දමා තිබෙනවා.

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »