05 වන එක්දින තරගය දිනන්න ඔස්ටේ්‍රලියාවට 161 ක ඉලක්කයක්

05 වන එක්දින තරගය දිනන්න ඔස්ටේ්‍රලියාවට 161 ක ඉලක්කයක්.

ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයේ දී සිය මංගල අර්ධ ශතකය ලබා ගැනීමට චාමික කරුණාරත්න අද (24) සමත් වුණා.

සිය මංගල අර්ධ ශතකය ලබා ගැනීමට චාමික වැයකළ පන්දු සංඛ්‍යාව පන්දු 62ක්.

සිය අර්ධ ශතකය වෙනුවෙන් ඔහු හතරේ පහරවල් 07ක් ලබා ගැනීමට සමත්වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් ද, අසලංක 14ක් ද, සිය කණ්ඩායමේ ලකුණු පුවරුව වෙනුවෙන් එක් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් කඩුලු 07 ලකුණු 100ට අඩු සීමාවක දී බිඳ වැටුණු අවස්ථාවකදියි චාමික කරුණාරත්න, සිය සගයා වූ ප්‍රමෝද් මධුෂාන් සමග එක්ව 09 වැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව යළිත් ශක්තිමත් කිරීමට සමත් වූයේ.

05 වන එක්දින තරගයේදී  පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 43.1 කදී සියලු දෙනා දැවී ලකුණු 160ක් රැස් කර ගනු ලැබුවා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

කෙසේ වුවත් තරගයේ පන්දු ඕවර 4.3ක් යවා අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 12ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් යුගලය වූ පැතුම් නිශ්ශංක සහ ධනුෂ්ක ගුණතිලක යලි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඉන් පසුව පිටියට පිවිසුණු ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ පරාද වූ අතර තරගයේ පන්දු ඕවර 16ක් අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 62 කට කඩුලු 7ක් දැවී ගොස් තිබුණා.

ඉන් පසුව චාමික කරුණාරත්න සහ ජෙෆ්රි වැන්ඩර්සේ විසින් කඩා වැටුණු ශ්‍රී ලංකා පිලට යම් ශක්තියක් ගෙන දෙමින් 08 වන කඩුල්ල සඳහා ලකුණු 23ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර එහිදී ලකුණු 04ක් රැස් කරමින් සිය අන්තය ආරක්ෂා කර ගනිමින් සිටි වැන්ඩර්සේ දුවද්දී දැවී යෑමකට හසුකර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත්විය.

ඉන් පසුව චාමික කරුණාරත්න සමග පිටියට එක්වූ නවක ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් 0 වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සම්බඳතාවක් පැවත්වූ අතර එහිදී ඔහු ලකුණු 15ක් රැස් කර ගනිමින් සිටියදී කැමරන් ග්‍රීන් යැවු පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබාදීමෙන් දැවී ගියා.

ශ්‍රී ලංකා පිල ඉතා අසිරූ අඩියකට වැටී සිටියදී සිය 18 වන එක්දින තරගයට ක්‍රීඩා කළ චාමික කරුණාරත්න සිය මංගල එක්දින අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුවා.

ශ්‍රී ලංකා පිලේ අවසන් පිතිකරුවා ලෙස චාමික කරුණාරත්න දැවී යද්දී ඔහු පන්දු 75ක් තුලදී ලකුණු 75ක් රැස් කර ගනු ලැබූ අතර ඊට හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් දෙකක් ද අන්තර්ගත වුණා.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »