අල්ලස් නඩුවකින් කුමාර වෙල්ගම නිදහස්

ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ සිදුවූ බව කියන අක්‍රමිකතාවක්

සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවකින් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නිදහස් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහයි නියෝගය ලබාදුන්නේ.

එවක ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොතිබූ තනතුරක් නිර්මාණය කර වැටුප් ගෙවීම එල්ලවී තිබු චෝදනාවයි.

අල්ලස් කොමිසම විසින් නැවත නඩු පැවරීමේ එකගතාවය මතයි මෙම නිදහස් කිරීම සිදුකර ඇත්තේ.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »