වික්ටෝරියා කොවිඩ් රෙගුලාසි රැසක් අද රෑ සිට ලිහිල්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට ඉතිරිව පවතින සියලු කොවිඩ් සීමා අද රෑ සිට ලිහිල් කෙරෙන බව ප්‍රාන්ත රජය පවසනවා.

ඒ අනුව මුව ආවරණ රෙගුලාසි – එන්නත්කරණ අවශ්‍යතා සහ හුදකලා නීති සියල්ල ලිහිල් කෙරෙන බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුවන් තොටුපළවල මුහුණු ආවරණ පැළඳීමේ රෙගුලාසි ද මේ අනුව ඉවත් වනු ඇති.

එහෙත් ගුවන් යානා තුළ – දුම්රිය – බස් සහ ට්‍රෑම් රථ තුළ මුහුණු ආවරණ පැළඳ සිටීම තවදුරටත් අනිවාර්ය වනවා.

අධ්‍යාපන – ආහාර බෙදාහැරීම් – මාංශ සැකසුම් වැනි ක්ෂේත්‍ර කිහිපයක සේවකයන් සඳහා බලාත්මක වූ අනිවාර්ය 03 වන මාත්‍රා නියමයද මෙහිදී ඉවත් වනවා.

කෙසේවෙතත් residential aged care – disability care, healthcare සහ හදිසි සේවා සේවකයන් සඳහා 03 වන මාත්‍රාව ලබාගැනීම තවදුරටත් අනිවාර්ය වනු ඇති.

හුදකලා නීති සහ රෝහල්වල අමුත්තන් බැලීමට යාමේදී පණවා තිබූ රෙගුලාසි කිහිපයක්ද අද රාත්‍රියේ සිට ලිහිල් වනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »