ගිය වසරේ වැඩිම වර්ධනය පතල් හා කෘෂිකර්මයෙන්

2020-21 මුදල් වර්ෂය තුළදී ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ පතල් කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය බව නවතම සංඛ්‍යාලේඛණ අනාවරණ කරනවා.

මුදල් ප්‍රමාණය සැළකීමේදී වැඩිම ඉපැයීමක් සිදුකර ඇත්තේ පතල් කර්මාන්තයයි.

පෙර මූල්‍ය වර්ෂයට සමගාමීව එම ආදායම ඩොලර් බිලියන 6.4 කින් වැඩිවී තිබුණා.

ප්‍රතිශතයක් ලෙස ගැනීමේදී වැඩිම වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ කෘෂිකර්මාන්තය වන අතර එම වර්ධනය සියයට 36.4 ක්.

ක්ෂේත්‍ර වශයෙන් සැළකීමේදී පෙර වසර හා සැසඳීමේදී අලාභ වාර්තාකර ඇත්තේ ක්ෂේත්‍ර 04 ක් පමණයි.

එම ක්ෂේත්‍ර නම් විදුලිය හා ගැස් / තොග වෙළඳාම / තැපැල් සහ විදුලි සංදේශ කර්මාන්තයයි.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »