VIDEO : ශ්‍රී ලංකා විපක්ෂය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළකර මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

ජාතික ජන බලවේගයද මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බව එහි නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට දන්වා සිටියා.

මේ රටේ දුක් විඳින ජනතාවගේ අපේක්ෂාවන් හෝ, මේ රට බරපතළ ලෙස කඩා කඩා වැටීම වැලැක්වීමට හෝ, මේ රට ගොඩනැඟීමට කිසිදු වැඩ පිළිවෙලක් නැති ආණ්ඩුව සහිත පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පෝලිම් වල දුක් විඳින ජනතාවගේ දුක නොතේරෙන,කිරි පිටි ටික නැතුව දුක් විඳින අම්මා වරුන්ගේ සහ දූ දරුවන්ගේ දුක නොතේරෙන, හොරා කෑමටත් ගසාකෑමටත් අත් උස්සන පාර්ලිමේන්තුව කතා සාප්පුවක් පමණක් බවද විපක්ෂ නායකතුමා පැවසීය.

ජාතික ජන බලවේගයද මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට දන්වා සිටියා.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »