වික්ටෝරියා කොවිඩ් රෙගුලාසි රැසක් ලිහිල් කෙරේ – ගුවන් තොටුපළ mask නීතියත් ඉවතට

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට ඉතිරිව පවතින සියලු කොවිඩ් සීමා ලබන සතියේ සිට ලිහිල් කෙරෙන බව ප්‍රාන්ත රජය පවසනවා.

ඒ අනුව ලබන 24 වනදා රාත්‍රී 12 සිට මුව ආවරණ රෙගුලාසි – එන්නත්කරණ අවශ්‍යතා සහ හුදකලා නීති සියල්ල ලිහිල් කෙරෙන බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුවන් තොටුපළවල මුහුණු ආවරණ පැළඳීමේ රෙගුලාසි ද මේ අනුව ඉවත් වනු ඇති.

එහෙත් ගුවන් යානා තුළ – දුම්රිය – බස් සහ ට්‍රෑම් රථ තුළ මුහුණු ආවරණ පැළඳ සිටීම තවදුරටත් අනිවාර්ය වනවා.

අධ්‍යාපන – ආහාර බෙදාහැරීම් – මාංශ සැකසුම් වැනි ක්ෂේත්‍ර කිහිපයක සේවකයන් සඳහා බලාත්මක වූ අනිවාර්ය 03 වන මාත්‍රා නියමයද මෙහිදී ඉවත් වනවා.

කෙසේවෙතත් residential aged care – disability care, healthcare සහ හදිසි සේවා සේවකයන් සඳහා 03 වන මාත්‍රාව ලබාගැනීම තවදුරටත් අනිවාර්ය වනු ඇති.

හුදකලා නීති සහ රෝහල්වල අමුත්තන් බැලීමට යාමේදී පණවා තිබූ රෙගුලාසි කිහිපයක්ද ලබන 24 වනදා රාත්‍රියේ සිට ලිහිල් වනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »