එංගලන්තය ක්‍රිකට් වාර්තා අලුත් කරයි

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කරමින් මීට පෙර ඔවුන් විසින්ම තබා තිබු ලෝක වාර්තාව අලූත් කිරිමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා.

නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති එක්දින තරගයේදී එංගලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 තුලදී කඩුලූ 04 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 498 ක්.

එම ලකුණු සංඛ්‍යාව සමග 2018 වර්ෂයේදී ඔස්ටේ්‍රලියාව සමග පැවති තරගයේදී ලකුණු 481 ක් රැස් කරමින් එංගලන්ත කණ්ඩායම මීට පෙර තබා තිබු ලෝක වාර්තාව ඔවුන් විසින්ම නැවත අලූත් කිරිමට සමත් වුණා.

එංගලන්ත ක්‍රීඩකයන් 03 දෙනෙකුම මෙහිදී ශතක රැස් කිරීම විශේෂත්වයක්.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් පන්දු 70 කදී නොදැවී ලකුණු 162 ක් රැස් කරනු ලැබූ අතර ඊට හයේ පහරවල් 14 ක් සහ හතරේ පහරවල් 07 ක් ඇතුලත් වුණා.

ෆිල් සෝල්ට් ලකුණු 122 ක් සහ ඩේවිඩ් මාලන් ලකුණු 125 ක් රැස් කරමින් එංගලන්ත පිල වෙනුවෙන් ශතක රැස් කිරීමට සමත්වුණා.

මෙම තරගයේදී එංගලන්ත පිතිකරුවන් 06 පහර 26 ක් එල්ලකර ඇති අතර එයද ලෝක වාර්තාවක් වනවා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »