රැට්ටා ඇතුලු 09 ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

ජුනි 9 සහ 10 යන දෙදින තුළ කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ගාලූමුවදොර අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න (රැට්ටා), ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ ඇතුළු පිරිසක්.

රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහ ගල්වැව සිරිධම්ම හිමි ද මෙම සැකකරුවන් පිරිසට අයත්.

මෙම සැකකරුවන් පසුගිය 9 වනදා කොටුව පොලිස් වසමේ මාර්ගවල සහ පොලිස් මූලස්ථානය ඉදිරිපිට සිදු කරන ලද විරෝධතා සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසට නම්කර අධිකරණයට කරුණු වාර්තාකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

පසුගිය 9 වනදා කොටුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ගවල සහ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා දක්වමින් කලහකාරී ලෙසට හැසිරෙමින් සහ 10 වනදා ඉසුරුපාය ඉදිරිපිට ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අතරතුර රජයේ දේපළවලට අලාභ හානි කරමින් මෙම පිරිස කටයුතු කර ඇති බවයි කොටුව සහ තලංගම පොලිස් ස්ථාන මගින් කඩුවෙල සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු දක්වා ඇත්තේ.

ඔවුන් විරෝධතාවයේ යෙදෙමින් කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියාකර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී පෙනී ගොස් ඇති බවට පොලිසිය වාර්තා කර තිබෙනවා.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, තුවාල සිදු කිරීම, අයුතු අවහිර කිරීම, අනර්ථය සිදු කිරීම මෙන්ම පොදු දේපළ විෂයෙහිලා සිදු කරන වැරදි මෙන්ම මංමාවත් පනත යටතේ සිදුකරන වැරදි කිරීම වැනි වැරදි රැසක් මෙම පිරිස සිදුකර ඇති බවටයි නිරීක්ෂණය කර ඇත්තේ.

එතුළින් ඔවුන් මෙම සිදුවීම් සම්බන්ධයෙන් හඳුනාගත් සැකකරුවන් බවට නම්කර අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »