එංගලන්තය එක්දින ලෝක වාර්තාව අලුත් කරයි – පන්දුවාර 50 දී ළකුණු 498 ක්

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කරමින් මීට පෙර තමන් විසින් තබා තිබු ලෝක වාර්තාව අලුත් කිරිමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.

නෙදර්ලන්ත කණ්ඩායම සමග අද පැවති එක්දින තරගයේදී එංගලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුලදී කඩුලු 4ක් පමණක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 498ක්.

එම ලකුණු සංඛ්‍යාව සමග 2018 වර්ෂයේදී ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී ලකුණු 481ක් රැස් කරමින් එංගලන්ත කණ්ඩායම මීට පෙර තබා තිබු ලෝක වාර්තාව ඔවුන් විසින්ම නැවත අලුත් කිරිමට සමත් වුවා.

එංගලන්ත පිල වෙනුවෙනු අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජෝස් බට්ලර් පන්දු 70කදි නොදැවී ලකුණු 162ක් රැස් කරනු ලැබූ අතර ඊට හයේ පහරවල් 14ක් සහ හතරේ පහරවල් 7ක් ඇතුලත් විය.

බට්ලර්ට අමතරව ෆිල් සෝල්ට් ලකුණු 122ක් සහ ඩේවිඩ් මාලන් ලකුණු 125ක් රැස් කරමින් එංගලන්ත පිල වෙනුවෙන් ශතක රැස් කිරීමට සමත්විය.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »