02 වන එක්දින තරගයෙන් ලංකාවට ළකුණු 26 ක ජයක්

ඔස්ටේ්‍රලියාවට එරෙහි 02 වන එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට ළකුණු 26 ක ජයක් හිමිවුණා.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉණිමේ පන්දුවාර 47 යි පන්දු 04 කදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වනවිට කඩුලු 09 ක් දැවී ශ්‍රී ලංකාව ලබාසිටි ළකුණු සංඛ්‍යාව 220 ක්.

කුසල් මෙන්ඩිස් 36 ක්ද – ධනංජය ද සිල්වා සහ දසුන් ශානක 34 බැගින්ද ලබාගත්තා.

පැට් කමින්ස් ළකුණු 35 කට කඩුලු 04 ක් බිඳහෙලුවා.

තරගය ජයගැනීමට ඔස්ටේ්‍රලියාවට පන්දුවාර 43 කදී හිමිවූ ඉලක්කය ළකුණු 221 ක්.

එහෙත් පන්දුවාර 37 යි එක් පන්දුවකදී ඔවුන් සියලු දෙනා දැවී ගියේ ළකුණු 189 කටයි.

ඩේවිඩ් වෝනර් 37 ක්ද ග්ලෙන් මැක්ස්වෙල් ළකුණු 30 ක්ද ලබාගත්තා.

තරගයේ වීරයා වූ චාමික කරුණාරත්න ළකුණු 47 කට කඩුලු 03 ක් බිඳහෙලුවා.

දුෂ්මන්ත චමීර – දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වා අතර කඩුලු 02 බැගින් බෙදී ගියා.

දෙරට අතර 03 වන එක්දින තරගය ලබන ඉරිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »