ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම කත ඇතුලු 121 කට රුසියාවෙන් සම්බාධක

රුසියානු විදේශ අමාත්‍යංශය විසින් තවත් ඔස්ටේ්‍රලියානුවන් 121 දෙනෙකුට එරෙහිව සම්බාධක පණවා තිබෙනවා.

මාධ්‍යවේදීන් සහ ආරක්ෂක ප්‍රධානීන් ද මේ අතර වනවා.

ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැළකෙන පතල් කර්මාන්ත හිමිකාරිනී ගිනා රයින්හාර්ට් – දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැතිවරයා ද සම්බාධක පණවන ලද පිරිසට අයත්.

ABC News, Sydney Morning Herald, Nine සහ Sky News යන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ද මෙලෙස රුසියානු සම්බාධක පණවන ලද පිරිස අතර වනවා.

යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ඔස්ටේ්‍රලියාව විසින් රුසියානු රජයේ ඉහළම නිළධාරීන්ට සම්බාධක පනවා වත්කම් තහණම් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයෙදිීයි.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »