ඇතැම් වික්ටෝරියා දරුවන් අවුරුදු 10 දී පවා අන්තවාදයට නැඹුරුවන බව හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් බාලවයස්කාර දරුවන් වයස අවුරුදු 10 වැනි අඩු වයස මට්ටමකදී පවා අන්තර්ජාලය ඔස්සේ රැඩිකල් මතවාද වෙත නැඹුරුවන බව අනාවරණය වී තිබෙනවා.

අන්ත දක්ෂිණාංශික මතවාද වෙත දරුවන් පෙළඹීම සම්බන්ධයෙන් සිදුකරන ලද පාර්ලිමේන්තු විමර්ශනයකදීයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.

2019 වසරේදී නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන 02 කට පහරදුන් සුදු ජාතික අන්තවාදී තැනැත්තා සම්බන්ධ සිද්ධියත් සමගයි මෙම විමර්ශනය ආරම්භ කර තිබුණේ.

විශේෂයෙන් නාසි වාදී අදහස් දරන පුද්ගලයන් විසින් වික්ටෝරියා ප්‍රාන්තවාසී දරුවන් අන්තර්ජාලය ඔස්සේ සිය මතවාදයන් සඳහා පොළඹවා ගැනීම් සිදුකරන බවටයි හෙළිකර ගැණුනේ.

ඔස්ටේ්‍රලියාවේ නාසි සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය තහනම් කරන ලද පළමු ප්‍රාන්තය වන්නේද වික්ටෝරියා ප්‍රාන්තයයි.

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »