ක්වීන්ස්ලන්තය ප්‍රාන්තය යළිත් ACT සංචාරකයින් පිළිගැනීමට සූදානම්! නමුත් ඔවුන් ගුවනින් පැමිණිය යුතුයි.

ක්වීන්ස්ලන්තය ප්‍රාන්තය යළිත් ACT සංචාරකයින් පිළිගැනීමට සූදානම්! නමුත් ඔවුන් ගුවනින් පැමිණිය යුතුයි.
Queensland is set to welcome ACT visitors again, but only if they fly instead of drive

Canberra වැසියන් සඳහා සුභ ආරංචියක් ලෙස, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තම දේශ සීමා ACT වාසීන්ට එළඹෙන සිකුරාදා සිට විවෘත කිරීමට සූදානම් වන බව සඳහන් වේ.
අගෝස්තු 8 සිට ක්වීන්ස්ලන්තයේ දේශ සීමාව ACT වාසීන්ට වසා දැමූ නමුත් ලබන සිකුරාදා (25/09) අලුයම 1.00 වන විට එම සීමාවන් ලිහිල් වනු ඇත.
එලෙස ගමන් කල හැක්කේ ගුවනින් පැමිණෙන සංචාරකයින් සඳහා පමණකි. මෙයට හේතු වී ඇත්තේ NSW ප්‍රාන්තය COVID-19 hotspot එකක් ලෙස නම් කර ඇති බැවිනි. ACT වැසියන් ක්වීන්ස්ලන්තයට මාර්ග චාරිකාවක නිරත වුවහොත් ඔවුන් NSW ප්‍රාන්තය හරහා ගමන් ගැනීම වලක්වා ගැනීම පිණිස මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

Read More »

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »