හර්ෂ කිව්වේ බොරුවක්ද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.

ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් ඉක්මණින් එම සහාය ලංකාවට හිමිවනු ඇති බවත් තමා විශ්වාස කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා , පෙරේදා දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා හා තමන් අතර අදහස් හුවමාරුවක් සිදුවූ බවත් එහිදී ලංකාවට නිසි සැලසුමක් නොමැති නිසා රටවල් උපකාර කිරීමට නොපැමිණෙන බව ඔහු පැවසූ බවයි.

මොහොහමඩ් නෂීඩ් අද ඊට ප්‍රතිචාර දක්වමින් ට්විටර් සටහනක් තබා තිබුණා.

ඔහු එමගින් දක්වා ඇත්තේ හර්ෂ ද සිල්වා යනු තමාගේ හොඳ මිතුරෙකු වන අතර රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »