රට යන්න කැමති ලංකාවේ රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්

රැකියාවක් කිරීමට හෝ වෙනත් ඵලදායි කාර්යයක නිරත වීම පිණිස රාජ්‍ය නිලධාරින්ට වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගැනීමට හැකි වන පරිදි දැනට පවතින විධිවිධාන සංශෝධන කරමින් අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මින් පෙර පැවති විධි විධාන අනුව එකි කාල සීමාව විශ්‍රාම වැටුප් ගණනය සදහා සැලකිල්ලට නොගැනීම / ජ්‍යෙෂ්ඨතාවයට බලපෑමක් සිදුවීම හා වෙනත් කොන්දේසි හේතුවෙන් රජයේ සේවකයින් එලෙස නිවාඩු ලබා ගැනීම කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වීම නිරීක්ෂණය වී ඇති බව සදහන්.

2017 අංක 12 දරණ විදේශ විනිමට පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම පනතේ නියමයන් නිකුත් කිරීම සදහා 2021 දෙසැම්බර් මස 06 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

එම නියමය මගින් පනවන ලද සීමා තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස නව නියමයක් නිකුත් කිරීමට යෝග්‍ය බවට ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙනවා.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »